fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්ථිර නොකළ සුළු සේවකයන් පිරිසකට සුබ ආරංචියක්

hasiniek
By hasiniek නොවැම්බර් 16, 2023 12:10

ස්ථිර නොකළ සුළු සේවකයන් පිරිසකට සුබ ආරංචියක්

පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ අනුව පියවර ගන්නා බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා .

ඔහු මේ බව කියා සිටියේ, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී 2023.11.16 දින මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඔහු විමසුවේ, අවුරුදු 8ක් තිස්සේ මෙසේ වැඩකරන සුළු සේවකයන් 13,000ක් පමණ සිටින බවත්, ඔවුන්ට දැනට ඒ අදාළ පළාත් පාලන ආයතන මගින් වැටුප් ගෙවන බවත්, එමනිසා මෙම සේවකයන් ස්ථිර කිරීමේදී ආණ්ඩුවට මුදලක් වැය නොවන බවත් ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“මීට පෙරද මෙම ප්‍රශ්නයට පිළිතුරු දී තිබෙනවා. දැනට මේ ගැන සොයාබලා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටිනවා මෙම පිරිස ස්ථිර කිරීමට. මොකද එම පළාත් පාලන ආයතනවලට දැරීමට හැකි සහ නොහැකි ස්ථාන තිබෙනවා. එමනිසා මෙම ප්‍රශ්නය නිරවුල් කිරීමට, ප්‍රතිපත්තිමය තීරණයක් දැනටමත් ගෙන තිබෙනවා. අවශ්‍ය අනෙකුත් පියවර ගන්නවා”

hasiniek
By hasiniek නොවැම්බර් 16, 2023 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්