fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනතුරක්  වන්නට පෙර ජනතාව බලධාරීන් දැනුවත් කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 12:10

අනතුරක්  වන්නට පෙර ජනතාව බලධාරීන් දැනුවත් කරයි

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ  ඕපනායක –  උඩවෙල ප්‍රදේශයේ  මාර්ගය  අසල  විශාල  අවදානම් මාර ගසක්  තිබෙන  බව ජනතාව  පවසනවා.

මෙම  මාර  ගස  මාර්ගය  දෙසට  ඇළ වි තිබෙන  බවත්  වර්ෂාවත්  සමඟ මාර්ගයට  ගැලවී  වැටිමක් සිදු වුව හොත්  විශාල   ජිවිත  හෝ දේපල  හානියක් සිදුවීමේ  අවදානම් තත්ත්වයක්  පවතින  බවයි ඔවුන්  පෙන්වා  දෙන්නේ.

කොළඹ බදුල්ල  ප්‍රධාන මාර්ගයේ  උඩවෙළ  නගරයේ සිට මීටර  100ක්   පමණ  ඕපනායක  දෙසට  වෙන්නටයි  මෙම අවදානම්  මාර  ගස  තිබෙන්නේ.

එම  මාර ගස ආසන්නයෙන්  විදුලි  රැහැන්  පද්ධතියක් සහ දුර කතන  රැහැන් පද්ධතියක්ද  තිබෙන අතර, මෙම  මාර  ගස  අවදානම්  බවට ප්‍රදේශවාසීන්  විසින්  පෝස්ටරයක්ද  ගසේ  සවිකර  තිබෙනවා.

විශාල අනතුරක්  වන්නට පෙර මෙම  මාරගස  කපා  ඉවත්  කර දෙන ලෙසයි  ජනතාව අදාළ බළධාරීන්ගෙන්  ඉල්ලා සිටින්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්