fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථිකය කඩා වැට්ටූ බව පිළිගන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 11:22

ආර්ථිකය කඩා වැට්ටූ බව පිළිගන්නේ නැහැ

ආර්ථිකය කඩා වැට්ටූ බවට හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් නිදහසට කරුණු කීමට අධිකරණයේ දී යම් අවස්ථාවක් ලැබුණු විට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන බව හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට හෝ රටේ ආර්ථිකය කඩා වැට්ටවීමට කටයුතු කළ  බව තමන් පිළි නොගන්නා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා ඊයේ  මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.

පක්ෂ සම්මේලනය ඉතා ඉහළින්ම පවත්වන බවත් සියලු දිස්ත්‍රික්කයක වල සෑම ශාඛාවකම සාමාජිකයින් ඒ සඳහා සම්බන්ධ කර ගන්නා බවත් කී හිටපු ජනපතිවරයා එහි සියලු සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කරන බවයි  ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්