ඇමරිකාවේ වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සැන් ෆ්රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ හමුව පැවැත්වුණා.
ජෝ බයිඩන් ජනාධිපතිතුමා බාලි දූපතේදී හමුවී වසරක් ගත වී ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී සිහිපත් කර ඇති අතර ගෙවී ගිය වසර තුළ, බොහෝ දෑ සිදු වූ බව ද සදහන් කර තිබෙනවා.
කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය යළි ප්‍රකෘතිමත් වී ඇතත් වසංගතයෙන් මතුවූ විශාල බලපෑම්වලට තවමත් මුහුණ දෙමින් සිටී.
ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතියද එහි ගම්‍යතාවය ප්‍රමාණවත් නොවේ.
කාර්මික හා සැපයුම් දාමයන්ට විවිධ බාධා එල්ල වී ඇති අතර ආරක්ෂණවාදය ද ඉහළ යමින් පැවතීම කැපී පෙනේ.
ගෙවී ගිය වසර 50කට වැඩි කාලයක් තුළ, වරින් වර විවිධ ප්‍රශ්න මතු වුව ද චීන ඇමරිකා සබඳතාව අඛණ්ඩව ඉදිරියට යමින් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළා.
මෙවැනි ප්‍රබල රටවල් දෙකක් අතර සබඳතා නොපැවතීම සිදු විය නොහැකි දෙයක් වන අතර එක රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවේ.
ගැටීමේ ප්‍රතිඵලය කිසිදු පාර්ශ්වයකට භාර ගත නොහැකි බව හෙතෙම අවධාරණය තිබේ.
ෂී ජින්පිං මහතා සිය මතය යළි ප්‍රකාශ කරමින් පැවසුවේ ප්‍රබල රටවල් අතර තරඟ කිරීම නූතන යුගයේ හරය බවට පත් නොවන බවයි.
තරඟය ඔස්සේ චීනය, ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය නොහැකි ය.
චීනය හා ඇමරිකාවේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණවත් අවකාශයක් පවතී. දෙරටේ සාර්ථකත්වය එකිනෙකාට අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
ඉතිහාසය හා සංස්කෘතිය, සමාජ ක්‍රම, සංවර්ධන ක්‍රියාමාර්ග යනාදියෙන් චීනය හා ඇමරිකාව අතර වෙනස්කම් තිබේ.
එහෙත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණය ලබා ගැනීම දෙපාර්ශ්වය අනුගමනය කළහොත් මතභේද ඉක්මවා ප්‍රබල රටවල් දෙකක සබඳතාව මනාව පවත්වා ගැනීමේ නිවැරදි ක්‍රමය සොයා ගත හැකි ය.
දෙරටේ සබඳතාවට දීප්තිමත් අනාගතයක් ඇති බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර තිබේ.