මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගෙන ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ.
පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කර තිබෙනවා.
එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 19,000කට නඩු පවරා ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
ඊයේ දිනයේ පමණක් පොළොන්නරුව සහ නුවරඑළිය ප්රදේශවල සිදු කළ වැටලීම් කිහිපයකින් රුපියල් ලක්ෂ 04ක මුදලක් දඩ ලෙස අය කරගෙන තිබෙනවා.
ඉදිරියේ දීත් දිවයින පුරා අඛණ්ඩ ව වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.