පාකිස්ථාන ක්රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් සියලුම ආකාරයේ තරඟවල නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
බාබර් අසාම් 2019 වසරේ දී 20යි 20, එක්දින සහ ටෙස්ට් නායකත්වයට තේරී පත්ව තිබුණා.
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලියේ දී දැක්වූ අඩු දක්ෂතා මොහු ඉන් ඉවත්වීමට ප්රධාන ලෙසම බලපා තිබෙනවා.
තරඟාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට පාකිස්ථානයට සිදු වුණා.
මීට දින කිහිපයකට පෙර පාකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය විසින් එරට තේරීම් කමිටුවට සහ කණ්ඩායමේ සියලු පුහුණුකරුවන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබුණා.