ෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් ගෙවීම සතියක් අත්හිටුවයි
Related Articles
අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් රක්ෂණ සමාගම් දෙකකට ලබාදී තිබු නියෝගය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් ඉවත් කර තිබෙනවා.
අදාළ පාර්ශ්වයන් වෙත රක්ෂණ මුදල් ගෙවීම අත්හිටුවීමට තවදුරටත් අවශ්‍ය නැති බවට අධිකරණයට හැඟී යන බැවින් එම නියෝගය ඉවත් කරන බවයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබෙන්නේ.
එම වන්දි මුදල් ලබා ගැනීමට වෙනත් කිසිදු පාර්ශ්වයක් උත්සාහ ගන්නා බවට කරුණු හෙළිවී නොමැති බවද මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබෙනවා.
ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට තහවුරුවී ඇති බැවින් සතියක කාලයක් යනතෙක් අදාළ පාර්ශ්ව වෙත රක්ෂණ වන්දි මුදල් ගෙවීම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බලමිනුයි මහෙස්ත්‍රාත්වරිය පසුගිය නඩුවාරයේදී අදාළ නියෝගය ලබාදී තිබුණේ.