මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය පිරිණමා තිබෙනවා.
ඒ ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදී.
අරවින්දට අමතරව ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජිට මෙම ගෞරව නාමය පිරිණමා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබුණේ.