fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මොහොමඩ් රසීක්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2023 14:50

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මොහොමඩ් රසීක්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

සමාජ ක්‍රියාකාරිකයෙකු වන මොහොමඩ් රසීක් මොහොමඩ් රම්සි යන අය පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනුවෙන් රජය විසින් ඔහුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවිය යුතු බවද නඩු තීන්දුවේ සදහන්. පෙත්සම්කරු අත්අඩංගුවට ගත් පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වී එම් එස් කේ සේනාරත්න මහතා විසින් රුපියල් තිස්දහසක මුදලක් වන්දි වශයෙන් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවද නඩු තීන්දුවේ සදහන්.

එය තීන්දුව දී මසක් තුළ ගෙවිය යුතු බවටද නියෝග කෙරුණා.

කෝවිඩ් සමයේ ඉස්ලාමීය සමාජයට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් තැබූ ෆේස්බුක් සටහනක් මගින් ජාතීන් අතර වෛරය නිර්මාණය වන බවට චෝදනා කරමිනුයි මොහොමඩ් රසීක් මොහොමඩ් රම්සි යන අය අත්අඩංගුවට ගෙන තිබුණේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2023 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්