fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ කර්මාන්ත උදෙසාම වෙන්වූ ප්‍රථම නාලිකාව ‘ Industry TV ‘ නොවැම්බර් 21 වෙනිදා ඇරඹේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2023 13:59

ශ්‍රී ලංකාවේ කර්මාන්ත උදෙසාම වෙන්වූ ප්‍රථම නාලිකාව ‘ Industry TV ‘ නොවැම්බර් 21 වෙනිදා ඇරඹේ

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැංවීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අනාගතවාදී සංකල්පයකට අනුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත වෙනුවෙන් වූ ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාලිකාව ලෙසින් Industry TV රූපවාහිනි නාලිකාව,  ‘ World Television Day ( ලෝක රූපවාහිනි දිනයේදී ) යෙදෙන නොවැම්බර් 21 වෙනිදා ජනගත කිරීම සිදුවෙයි.

එහි සමාරම්භක උත්සවය ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පෙ.ව. 9 ට පැවැත්වීමට නියමිතයි.

Peo TV අංක 130 ඔස්සේ විකාශය සිදුවන Industry TV නාලිකාව Your Winning Line ( ඔබේ ජයග්‍රහණයේ රේඛාව ) යන තේමාවෙන් ක්‍රියාත්මක වෙයි.

නොවැම්බර් 21 වෙනිදා සිට නොවැම්බර් 30 දක්වා හදුන්වාදීමේ විකාශය ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 1 වෙනිදා සිට කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගත් Industry News , කර්මාන්ත කතා , වැඩබිම් රසෝඝය, Plus Mind , Help Desk , ව්‍යවසායකත්ව රජ දරුවෝ , Industrial Zone , Money Talk , I Book , Brands , Investor Pool , Metal World , Tea Life , Plantation World , Travel Bazar , ව්‍යාපාරික ශක්ති , Business Clinic , Industry Frame ආදි විවිධ වැඩසටහන් වර්ග 40 ක් Industry TV නාලිකාව තුළ විකාශය සඳහා අන්තර්ගත වෙයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2023 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්