fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2023 13:42

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට පියවර

නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ තුන්ගුණයකින් වැඩි කිරීමට රජය පියවර ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සංවිධාන කළ 2024 අයවැය විද්වත් කතිකාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

එසේම රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට ද නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බවත් රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බවත් කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2023 13:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්