දුම්රිය සේවකයින් 5කගේ වැඩතහනම්
Related Articles
අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා..
දුම්රිය ස්ථානයේ ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළවයි ඔවුන්ගේ වැඩතහනම් කර ඇත්තේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් මස 19 වනදා මෙම ඩීසල් සොරකම සිදුව ඇති අතර මේ පිළිබඳ සොයාබැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවයි
අදාළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගනිමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.