fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපොළ තුළ Self-check-in සහ Self-bag-drop සේවාවන් හඳුන්වා දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2023 09:55

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපොළ තුළ Self-check-in සහ Self-bag-drop සේවාවන් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපළ තුළ Self-check-in සහ Self-bag-drop සේවාවන් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල ගමන්ගන්නා මගීන්ට පහසුවක් වනු ඇත.

මෙම ස්වයං-සේවාවන් භාවිත කරන මගීන්ට වඩාත් ඉක්මනින් Check-in කටයුතු නිමවා විගමන අංශය වෙත ගමන් කළ හැකි නිසා, කාර්යබහුල අවස්ථාවන්වලදී ඇතිවීමට ඉඩ ඇති තදබදය මගහැරී යයි.

මෙහිදී අදාළ මූලික කටයුතු කඩිනමින් අවසන් කර, ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයේ පිහිටා ඇති Self-bag-drop ස්ථානය වෙත ගමන් මලු භාරදිය හැකියි.

Flight check-in ක්‍රියාවලිය, ආසන තෝරාගැනීම සහ Boarding pass හා bag tags මුද්‍රණය කරගැනීම ඇතුළු සමස්ත Check-in ක්‍රියාවලිය මෙම ස්වයං-සේවා ස්ථානවල දී සිදු කළ හැකියි.

මෙම ක්‍රියාවලියෙන් අනතුරුව අනතුරුව Self-bag-drop ස්ථානයට තම ගමන් මලු භාරදී, විගමන කටයුතු නිමවා ඔවුන්ට කෙළින්ම ගුවන් යානයට පිවිසෙන දොරටුව වෙත ගමන් කළ හැකි වෙනවා.

මේ ආකාරයට Self-check-in සහ Self-bag-drop සේවාවන් හඳුන්වා දීම, ශ්‍රී ලංකන් ගුවන් සේවය අනුගමනය කරන පුළුල් ඩිජිටල්කරණ ක්‍රමෝපායේ එක් පියවරක් මෙන්ම, ගුවන් ගමන් කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර වශයෙන් දියත් කර ඇති IATA Fast Travel වැඩසටහනට සමගාමී පියවරක් ලෙස ද හැඳින්විය හැකියි.

Facial Recognition තාක්ෂණය, e-boarding gates ක්‍රමවේදයක්, සහ Virtual හා Augmented Reality තාක්ෂණයන් ඇතුළු අංග රැසක් සහිත Smart Channel ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම ඇතුළු පියවර රැසක් මීට ඇතුළත් වෙනවා.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.srilankan.com

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2023 09:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්