DIGIECON 2030 වැඩසටහන සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වී රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන තරුණ තරුණියන් ගෙන් සහ ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා
ඩිජි-ඉකෝන් වැඩසටහන යටතේ ව්‍යවසායකයන් වෙනුවෙන් වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරමින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ ගෝලීය ව්‍යවසායකත්ව සතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
නොවැම්බර් 13 වැනිදා සිට සතියක් පුරා “Entrepreneurs Thrive Here” යන තේමාව යටතේ රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සමරනු ලබනවා.
මෙම සතිය පුරා දිවයිනේ ස්ථාන ගණනාවක දී අදාළ ක්ෂේත්රයේ ආයතන, සංවිධාන, සමාගම් සහ පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් ව්‍යවසායකත්ව, නවෝත්පාදන, ආරම්භක ව්‍යාපාර ආර්ථික පද්ධති, අධ්‍යාපන, ඩිජිටල් අන්තර්කරණ සහ ප්‍රතිපත්ති යන අංශ යටතේ සමුළු, සම්මන්ත්රණ, වැඩමුළු, සාකච්ඡා, දැනුවත් කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබේ. දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින්,පර්යේෂකයන් සහ ක්ෂේත්රයේ ප්‍රවීණයන් අතර සහයෝගීතාව හා සම්බන්ධතා ශක්තිමත් කරමින් රට පුරා විවිධ කර්මාන්තයන්හි යෙදී සිටින නව්‍ය ව්‍යවසායකයින් ඇගයීම හා සවිබල ගැන්වීම ද මෙහි දී සිදු කෙරේණු ඇති.
ඒ අනුව ගෝලීය ව්‍යවසායකත්ව සතිය තුළ මෙරට හවුල්කරුවන් 60කට වැඩි ප්‍රමාණයක් විවිධ ක්‍රියාන්විතයන් 100කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබෙනවා.
.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා
Startup Genome වාර්තාවට අනුව අපේ රටේ ස්ටාර්ට් අප් පද්ධතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 244ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. අපේ අරමුණ එය බිලියනයක් දක්වා වැඩි කිරීමයි. නව්‍ය ව්‍යවසායකත්වය නිසා අද අපේ රටේ තාක්ෂණය වෙනස් වී තිබෙනවා. අපි භාණ්ඩ මිල දී ගන්නා ආකාරය, බිල්පත් ගෙවීම, ප්‍රවාහනය, බැංකු ගනුදෙනු සිදු කිරීම වැනි ක්‍රියාකාරකම්වල වෙනසක් ඇති වී තිබෙනවා. ස්මාර්ට් දුරකතනය තුළ ඇප් විශාල සංඛ්‍යාවක් අපි භාවිතා කරනවා.
ඩිජි-ඉකෝන් වැඩසටහන යටතේ අපේ ව්‍යවසායකයන් සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වී තිබෙන්නේ අපේ රටේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීමයි.
කර්මාන්ත අමාත්‍යාංශය සමඟ දිස්ත්‍රික්ක මට්ටමින් මෙම වැඩසටහන ව්‍යාප්ත කරමින් පවතිනවා. මේ වැඩසටහනට සම්බන්ධ වී අපේ රටේ ආර්ථිකයට ශක්තියක් වී ඔබේ යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන විශේෂයෙන් තරුණ තරුණියන්ගෙන් සහ ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටිනවා.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය
කර්මාන්ත අමාත්‍යාංශය රටේ තරුණ පරපුර ඉලක්ක කර ගෙන ඔවුන් මේ සංකල්පය සමඟ ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන් ඉලක්ක කර තිබෙන්නේ ඉසෙඩ් ජෙනරේෂන් හි තරුණ කණ්ඩායමයි. 2030 වන විට කාන්තා හා තරුණ ව්‍යවසාය දායකත්වය රටේ ආර්ථිකය තුළ 25% දක්වා වර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.