fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිරිඳිඔයේ තිබී වන අලියෙකුගේ හිසක් හමුවෙයි

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 14:27

කිරිඳිඔයේ තිබී වන අලියෙකුගේ හිසක් හමුවෙයි

වැල්ලවාය තෙළුල්ල කිරිඳිඔයේ තිබී ඊයේ (13) හමුවූ වනඅලියෙකුගේ කඳසුන් හිසක් හමු වී තිබෙනවා

කිරිඳිඔයේ තෙළුල්ල ප්‍රදේශයේ හුවන්ගමුව පන්සල් අලිමංකඩ අසල කිරිඳිඔයේ සිරවී තිබූ වන අලියෙකුගේ හිස ප්‍රදේශවාසීන්ට හමුවී තිබූ අතර වනජීවී නිලධාරීන් සහ පොලීසිය එක්ව මියගිය අලියාගේ සිරුරේ අනෙක් කොටස් සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භකළත් මෙතෙක් කොටස් හමුවී නැති බවයි වාර්තා වුණේ.

වගාබිමකට පැමිණි වනඅලියා වෙඩිතබා ඝාතනයකර සිරුර කෑලි වලට කපා කිරිඳිඔයට දමන්නට ඇති බවටයි වනජීවී නිලධාරීහු විශ්වාස කරන්නේ.

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන අලියාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරෙක්ෂණයක් පැවැත්වීමට වැල්ලවාය වනජීවී කාර්යාලය කටයුතු යොදා තිබෙනවා.

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 14:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්