fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක්

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 14:13

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක්

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි.

එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහාද මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවද සඳහන්.

ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන් EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමුකළ යුතුවනවා.

ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් වෙත සැපයීම අරමුණ වී ඇති බවයි.

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්