අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (14) ආරම්භ කිරීමට නියමිතයි.
නොවැම්බර් 19 වන ඉරිදා දින හැර නොවැම්බර් 21 වනදා දක්වා එම විවාදය පැවැත්වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 21වනදා පස්වරු 06ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව නොවැම්බර් 22 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා අයවැය තුන්වන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා.
දෙසැම්බර් 13වනදා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම ද පැවැත්වීමටයි නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.