විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මීරිගම සිට කඩවත දක්වා වූ එම මාර්ග කොටස චීනයේ සහායෙන් නිමකිරීමට නියමිතයි.
කුරුණෑගල සිට ගලගෙදර දක්වා වූ කොටස ජපාන සහයෙන් ද කිරීමට සැලසුම් කර ඇති බවත් රජයේ අරමුණ මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීම බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා