fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිත්‍යාව පැතිරවීම නවත්වමු. රට ගැන හිතමු – ජනපති කියයි

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 12:12

මිත්‍යාව පැතිරවීම නවත්වමු. රට ගැන හිතමු – ජනපති කියයි

පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශකළා

දේශපාලන වාසි ලබා ගත හැකි කරුණු බව ඉලුප්පා කටයුතු කිරීම අසාර්ථක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මිත්‍යාව පැතිරීම නවත්වමු. රට ගැන හිතමු. රට ශක්තිමත් වූ පසු දේශපාලන මත ගැන හිතමු.

මේ යන මාර්ගය නිවැරදි බව පසුගිය වසර තුළ සිදු කළ ක්‍රියාකාරකම් වලින් තහවුරු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා

සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු වල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වාදුන් ජනාධිපතිවරයා අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධකරගෙන නොමැති බවත් පැවසීය

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්