ලෝක කායවර්ධන හා ශරීරික ක්රීඩා ශුරතා 14 වන තරගාවලියේ දී රිදී පදක්කමක් දිනාගත් තෙනුර ලක්සෙත් ඊයේ (12) දිවයිනට පැමිණ තිබෙනවා.
දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන හා ශාරීරික ක්රීඩා ශූරතා තරගාවලියේ දී ශ්රී ලංකාව පළමු වරට නියෝජනය කළ තෙනුර ලක්සෙන් එහි කනිෂ්ඨ අංශයේ කිලෝ ග්රෑම් 75 ට වැඩි බර පංතියේ රිදී පදක්කම දිනා ගෙන ඊයේ (12) රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය දකුණු කොරියාවේ වොන්ජු නගරයේදී පසුගිය 06 දින සිට 12 දින දක්වා ලෝකයේ රටවල් 60 ක ක්රීඩක ක්රීඩිකාවන් 500 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
ඔහු පිළිගැනීම සදහා ඔහුගේ මව , ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් සහ කායවර්ධන සහ ශාරීරික ක්රීඩා සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.