fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුසල් මෙන්ඩිස් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 18:37

කුසල් මෙන්ඩිස් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ගනී

තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිසිදු බලධාරියෙකුගේ සිරකරුවන් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා.

මේ අතර ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සිදු කරන චෝදනාවලට තමන් පිළිතුරු ලබා නොදෙන බවද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල්  මෙණ්ඩිස් සදහන් කළේ පසුගිය ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ පරාජය සම්බන්ධයෙන් තමන් මෙරට සියලු ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පුහුණුකරුවන්  මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තම කණ්ඩායම පසුබෑමට හේතු වූ කරුණු පිලිබද මාධ්‍ය වෙත අදහස් පල කළා.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ ඉන්දියාවට එරෙහි පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කාගෙන් හෝ බලපෑමක්  සිදු වුණාද යන්නයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 18:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්