සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලුවට විසඳුම් ලබාදීමට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කළා.
එම වෛද්‍ය පීඨයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
ඊට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙන්ම සබරගමුව විශ්වවිද්‍යාල නියෝජනය කරමින් උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට සහ කතිකාචාර්යවරුන්ට රත්නපුර ශික්ෂණ රෝහලේ ඒකකවලට පැමිණ ඉගැන්වීම් සිදුකිරීමට මෙන්ම අනෙකුත් කටයුතු සඳහා අවස්ථාව ලබාදීමට මෙහිදී තීරණය කෙරුණා.
සායනික කටයුතු සදහා ලැබෙන අවස්ථා සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණියා.
මීට අමතරව රත්නපුර ශික්ෂන රෝහලේ පවතින භෞතිකා හා මානව සම්පත්වල අඩුපාඩු පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරුණු අතර ඊට විසදුම් ලබාදීම කෙරෙහිද අවදානය යොමුවුණා.