නව නිපැයුම් විද්‍යා තරගාවලියේදී දක්ෂතා දැක්වූ සිසුන් දිවයිනට
Related Articles
ජාතික නව නිපැයුම් විද්‍යා තරගාවලියේ විශිෂ්ඨයින් චීනයේදී සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරමින් ක්ෂේත්‍ර කිහිපයක කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කළා.
පසුගිය මැයි මාසයේ ජාතික විද්‍යා පදනම මගින් දීප ව්‍යාප්තව සංවිධාන කළ පාසල් නව නිපැයුම් විද්‍යා තරගාවලියේදී දස්කම් දැක්වූ පාසල් 09 ක සිසුන් 10 දෙනෙකු චීනයේ පැවැත්නෙ වැඩමුළුවකට යොමු කිරීමට කටයුතු කෙරුණා.
ඔවුන් ගුරුවරුන් කිහිප දෙනෙකු සමඟ පසුගිය 05 වනදා සිට 11 වනදා දක්වා චීනයේ වොන්කින් නුවර පැවති ද සෙවන්ත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ටීනේජර් මේකර්ස් නමින් පැවැත් වූ වැඩමුළුවට එක් වුණා.
රටවල් 38 ක් නියෝජනය කළ එම වැඩමුළුවේදී ශ්‍රී ලාංකික සිසුන් 10 දෙනාම අභියෝග ජයගැනීමට සමත්වීම විශේෂත්වයක්.
ඔවුන් හොඳම ඉදිරිපත් කිරීම, හොදම නිර්මාණශීල්තීවය හා හොදම පිළීසකර කිරීම ආදී අංශ වෙනුවෙන් ජයග්‍රාහී සහතිකපත් හිමිකරගත්තා.
ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය දිල්රුක්ෂි රණතුංග මහත්මිය මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු සිදු කළ අතර අදාළ සිසුන් ඊයේ පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා.