fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හම්බන්තොට වරායෙන් ලාභ ගන්න වැඩසටහන් රාශියක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 12:35

හම්බන්තොට වරායෙන් ලාභ ගන්න වැඩසටහන් රාශියක්

හම්බන්තොට වරායේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 15% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවන බවත්, මෙතෙක් හම්බන්තොට වරායේ ලාභ ඉපයීමක් සිදුව
නොමැති බැවින් කිසිදු ලාභාංශයක් රජයට ලැබී නොමැති බව හෙලිව තිබෙනවා.

කොවිඩ් අර්බුදය සහ ශ්‍රී ලංකාවේ මෑතකදී ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් හම්බන්තොට වරායේ ආදායම් වැඩි කිරීමටත් ලාභ ඉපදවීමටත් නොහැකි වී
තිබෙනවා.

එබැවින් ආදායම් උපදවන වැඩසටහන් කීපයක් ආරම්භ කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානය යොමු වී
ඇති අතර එම සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින අමාත්‍යාංශයේ දී පැවැත්විණි .

හම්බන්තොට වරායේ නව සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය සමඟ පවතින ගැටලු කීපයක් නිරාකරණය
කර ගත යුතුව ඇති බව මෙම සාකච්ඡාවේදී හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පෙන්වා දුන් අතර එකී ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමට වරාය අමාත්‍යාංශය මැදිහත්වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙතෙක් ප්‍රධාන වශයෙන් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලෙස සිදු කරනු ලැබුවේ ආනයනය කල වාහන වරායේ ගාල් කර ප්‍රති අපනයනය කිරීම
බවත් , ඉදිරියේදී බහාලු (Containers ) ප්‍රති අපනයන කිරීම ආරම්භ කලහොත් වරායට ලාභ ඉපයීමට හැකියාව ඇති වන බවට අමාත්‍යවරයා මෙහිදී
විශ්වාසය පල කළා.

එහෙයින් හම්බන්තොට ලාභදායි වරායක් බවට පත්කිරීම සඳහා පාලන අධිකාරිය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ අනාගත වැඩපිළිවෙළ අධ්‍යක්‍ෂ
මණ්ඩලයට ඉදිරිපත් කොට අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසත් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන
බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්