ඉතාලියේ පැවති ලෝක සවි එසවීමේ තරඟාවලියේ දී රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් දිනාගත් රුවන් පෝල් මහතා අද පෙරවරුවේ UL 564 දරණ ගුවන් යානයෙන් ශ්‍රීලංකාවට පැමිණියා.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රුවන් පෝල් මහතා ඔස්ට්‍රේලියානු ජාතික සවි එසවීමේ කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරඟාවලියට සහභාගී වී තිබුණා.
පසුගිය ඔක්තෝබර් 30,31, සහ 01 දින එම තරඟ පැවැත්වුණ අතර ඒ සඳහා තරඟ කරුවන් 400පමණ සහභාගී වී තිබිණී.
ඔහු මීට පෙර ද ජාත්‍යන්තර තරගවලට සහභාගී වී ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා.
මෙවර ඔහු පිරිමි විවෘත 120kg ට වැඩි බර කාණ්ඩය යටතේ තරඟ වැදුණු ඔහු රන් පදක්කම් 02ක් සහ රිදී පදක්කම් 01 දිනා ගෙන තිබෙනවා.
ලෝක සවි එසවීමේ සංගමය විසින් රුවන් පෝල් මහතාව ශ්‍රී ලංකාවේ සවි එසවීමේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.
මේ මහතා ජාත්‍යන්තර විවිධ තරඟවලින් රන් පදක්කම් දිනූ අයෙකු වන අතර, ඕස්ට්‍රේලියානු වාර්තාවක් ද පිහිටු වූ අයෙක්