fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනක රත්නායකට මරණීය තර්ජනය කරමින් කප්පම් ලබාගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 11:47

ජනක රත්නායකට මරණීය තර්ජනය කරමින් කප්පම් ලබාගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජනය කරමින් කප්පම් ලබාගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය කළ මෙහෙයුමක දීයි සැකකරු අත්අඩංගුවට ගැණුණේ.

ජනක රත්නායක මහතාට දුරකතන ඇමතුම් ලබාදෙමින් මරණීය තර්ජන සිදුකර මෙම සැකකරු කප්පම් ඉල්ලා තිබුණා.

ඔහු පළමුව රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ද ලබාගෙන තිබූ බවටයි හෙළිවුණේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළම අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදුකළ අතර වැල්ලම්පිටිය තැපැල් කාර්යාලය අසල දී සැකකරු අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවයි.

වයස අවුරුදු 42ක් වන සැකකරු මාතර සුල්තානාගොඩ පදිංචිකරුවෙක්.

ඔහු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද පොලීසිය සොයාගත්තා.

සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලට අනුව වැල්ලවත්ත නිවසක තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබෙනවා.

මීට පෙර මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 4 දෙනෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්