දිපවාලී උත්සවය නිමිත්තෙන් සූර්වී දික්ඔය ඇළට වැටුණු සුරේෂ්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 11:58

දිපවාලී උත්සවය නිමිත්තෙන් සූර්වී දික්ඔය ඇළට වැටුණු සුරේෂ්

හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටී පුද්ගලයෙකු අතුරුදහන් වී තිබෙනවා.

මෙසේ දික්ඔය ඇළට වැටී අතුරුදහන් වී ඇත්තේ හැටන් දික්ඔය ඔස්බොන් වත්ත ඉහල කොටසේ පදිංචි චන්ද්‍රසේකරන් සුරේෂ් නැමති 28 හැවිරිදි එක්දරු පියෙක්.

අතුරුදහන් වී ඇති එක්දරු පියා  ඊයේ  දින පස්වරුවේ හැටන් නගරයට පැමිණ අධික ලෙස බිමත්ව සිය නිවස කරා බස් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු බස් රථයෙන් බැස එම මාර්ගයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජල ටැංකිය වෙත නැග සිටියදී  ජල  ටැංකියට බැවුමේ පිහිටි දික්ඔය ඇළට ඇද වැටී තිබෙනවා.

අතුරුදහන් වී ඇති පුද්ගලයාගේ බිරිඳ විදේශ ගත වී ඇති බවත්,  අදට යෙදී ඇති දිපවාලී උත්සවය නිමිත්තෙන් ඔහු ඊයේ දින සිටම අධික ලෙස මත්පැන් පානය කරමින් සිට ඇති බවයි එම වතුකම්කරුවන් කියා සිටියේ.

අතුරුදහන්  වී ඇති පුද්ගලයාගේ සිරුර සොයා හැටන් පොලීසිය සහ ප්‍රදේශවාසින් දික්ඔය ඇළෙහි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 11:58