fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 11:38

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

ලෝක කුසලාන ක්‍රිකට තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම, පුහුණුකරුවන් සහ ක්‍රිකට් බලධාරීන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්ව සිටිනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ආන්දෝලනයකට ලක් වූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් මහේල ජයවර්ධන ඇතුළු පුහුණුකරුවන් මෙහිදී කරුණු දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කළේ  ඕස්ට්‍රේලියාවේ පැවති 2020 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  මහතාට සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනාට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් වීසා ඉල්ලුම් කර ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවා.

ඉන් අනතුරුව මේ පිළිබදවද විශේෂ ආන්දෝලනයක් ඇති වූ අතර ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් අදහස් පල කලා.

කෙසේ වෙතත් ඊයේ සන්ධ්‍යාවේදී ඊට පිළීතුරුදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී අදහස් පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතා තවත් හෙළිදරව් කිහිපයක් සිදු කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්