අදට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන් දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා දී තිබෙනවා.
ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත දැනුම් දිය යුතු බවයි ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ.