fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2024 අයවැය දෙවනවර කියවීම හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 10:44

2024 අයවැය දෙවනවර කියවීම හෙට

2024 අයවැය කතාව හෙවත් විසර්ජන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම හෙට මධ්‍යහන 12ට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

විසර්ජන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම සඳහා වෙන් කර ඇති දින ගණන 07 ක්.

ලබන 21 වනදා පස්වරු 06ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත් වෙන අතර කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා දින 19 ක් වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පස්වරු 06ට සිදු කිරීමට නියමිතයි.

2024 වසර සදහා වන රජයේ ඇස්තමේන්තුගත වියදම  රුපියල් බිලියන 3860 ක් වන අතර රජයේ විසර්ජන පනත්කෙටුම්පතට අනුව මෙම වසරේ ඇස්තමේන්තුගත වියදම වූයේ රුපියල් බිලියන 3657 ක්.

ඒ අනුව මෙම වසරට සාපේක්ෂව 2024 වසරෙ සදහා වන ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 203 කින් ඉහළ ගොස් තිබෙනවා.

විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පෙරවරු 09.30 සිට පස්වරු 6 දක්වා පැවැත්වෙන අතර කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා කාලය වෙන් කර ඇත්තේ පස්වරු 06 සිට 06.30 දක්වායි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්