මාරවිල මූදුකටුව ප්රදේශයේ දෙපිරිසක් අතර ඇති වී ගැටුමකින් වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුමේදී වෙඩි තැබීමකින් හා තියුණු ආයුධවලින් පහරදීමකින් මෙම දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තල්විල ප්රදේශයේ වෙරළ තීරයේ මාදැලකින් ගොඩගත් මසුන් සම්බන්ධයෙන් ඇති ගැටලුවක් මුල් කරගනිමින් ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසියේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.