fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිලියන 27කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 14:50

මිලියන 27කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය අනලතිව් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 69කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින්, ඊයේ(10) යාපනය අනලතිව් දූපතේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ‍එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ සැක කටයුතු උරයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී එම උර‍ය තුළ පාර්සල් දහ අටක අසුරන ලද කේරළ ගංජා කිලෝ හැට නවයයි ග්‍රෑම් පහක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි සඳහන් වන්නේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන විසි හතකට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්