fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙර පාසල් ගුරුවරියකගෙන් කප්පම් ඉල්ලූ ග්‍රාම නිලධාරියාට වැඩ වරදී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 13:29

පෙර පාසල් ගුරුවරියකගෙන් කප්පම් ඉල්ලූ ග්‍රාම නිලධාරියාට වැඩ වරදී

පෙර පාසල් ගුරුවරියකගේ දරුවන් තිදෙනා කපා කොටා මරා දමන බව පවසා භිය ගන්වා ඉල්ලූ රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට යාමේදී හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ග්‍රාම නිලධාරී වරයකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා හෝමාගම පිටිපන දකුණ සුවපුබුදුගම ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියකගේ දරුවන් තිදෙනා කපා කොටා ඝාතනය කරන බවත් එසේ නොවුණහොත් වැඩිමහල් දියණියට ඇසිඩ් ගසා විකෘති රූපීව මහ පාරේ ඇවිද වීමට සලස්වන බවත් පවසා බිය ගන්වා රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් මාස දෙකක පමණ සිට ඉල්ලා තිබෙනවා.

එහෙත් එම මුදල ලබා දීමට පෙර පාසල් ගුරුවරිය සතුව නොමැති වීම නිසා දිගින් දිගටම සැකකරුගේ තර්ජන වලට පෙර පාසල් ගුරුවරිය ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් පෙර පාසල් ගුරුවරියගේ රාජකාරිය කටයුතු සහ සිය දරුවන් තිදෙනා පාසල් යාම ආදී පෞද්ගලික ගමන් බිමන් යාම වැනි දෑ පවා නොකොට සැඟව සිටීමට සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්