fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසරේ විදුලි බස් රථ ධාවනයට එක් කරන බව ඇමති බන්දුල කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 11:31

ලබන වසරේ විදුලි බස් රථ ධාවනයට එක් කරන බව ඇමති බන්දුල කියයි

ලබන වසරේ දී විදුලි බස් රථ ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ලෝක පොදු ප්‍රවාහන දිනය සැමරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සුව පහසු ගමනක් සිරිලක දියුණුවට සවියක් යන මැයෙන් මෙවර පොදු ප්‍රවාහන දින සැමරුම සිදු කෙරුණා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

පරිසර හිතකාමී හා කාර්යක්ෂම දුම්රිය ස්ථානය ලෙස ඇල්ල දුම්රිය ස්ථානයද එහි දෙවන ස්ථානය වේයන්ගොඩ දුම්රිය ස්ථානය හා තුන්වන ස්ථානය උකුවෙල දුම්රිය ස්ථානය දිනා ගත්තා.

කිලෝමීටරයක් සඳහා වැඩිම ලාභය ඉපැයූ මාවනැල්ල ඩිපෝවටද මෙහිදී සම්මාන පිරිනැමුණා.

වැඩිම ලාභයක් ඉපැයූ ඩිපෝව බවට පත්වූයේ පොළොන්නරුව ඩිපෝවයි.

එමෙන්ම වැඩිම ලාභ ඉපැයූ ප්‍රාදේශිකය ලෙසට රජරට ප්‍රාදේශීකයද බස් රථ පුනරුත්ථාපනය වෙනුවෙන් තෙල්දෙණිය ඩිපෝවද සම්මාන හිමි කර ගත්තා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්