ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් ජපාන රජයේ සහයෝගය තවදුරටත් මෙරටට ලබා දෙන බව ජපාන තානාපති මිෂුකිෂී හිදෙආකි මහතා පවසනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකොට වසර 25ක් සම්පූර්ණ වනවා.
ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් ජපාන තානාපති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
දන්ත වෛද්‍ය පීඨයේ ඉදිකිරිම් සඳහා දායකත්වය ලබාදී තිබුණේ ජපාන රජයයි.
මෙහිදී අදහස් දැක්වූ ජපාන තානාපතිවරයා සඳහන් කළේ වසර 70ක් වන දෙරටේ අඛණ්ඩ සබදතාවය ඉදිරියටත් ආරක්ෂා කිරීමට කැපවන බවයි.
දන්ත වෛද්‍ය පීඨය මෙරට දන්ත වෛද්‍යවරුන් බිහිකරන ප්රමුඛ ස්ථානය බැවින් ජපාන රජය ලබාදුන් දායකත්වය අගය කරන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතා සඳහන් කළේ.