fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 11:18

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

අත්තනගලු ඔය ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම් ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පවුල් 5992ක පුද්ගලයන් 23132 නෙකු ආපදාවට ලක්ව සිටිනවා.

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙනවා.

ඒ අනුව බදුල්ල , කොළඹ , හම්බන්තොට , මහනුවර ,කෑගල්ල , කුරුණෑගල ,මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 08 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

වලස්මුල්ල කොහොලාන ප්‍රදේශයේ නිවසක පැති බැම්මක් අධික වර්ෂාවත් සමඟ පෙරළී ගොස් තිබෙනවා.

එමෙන්ම කණුමුල්දෙණිය මී ඇල්ල යන ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ කුඹුරු රැසක් ජලයෙන් යටවුණා.

වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේදී දිය පහරට හසුවී ගසා ගෙන ගිය පාසල් ශිෂ්‍යයෙකු බේරා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම ශිෂ්‍යයා තවත් අයෙකු සමඟ ජලයේ ක්‍රීඩා කරමින් සිටියදී ගසා ගෙන ගොස් ඇති අතර එය දුටු වෙනත් අයෙකු වහාම ජලයට පැන පාසල් ශිෂ්‍යා බේරාගත්තා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්