ජෝ බයිඩ්න් සහ ෂී ජින් පින් අතර හමුවක් ලබන සතියේ
Related Articles
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින් පින් ලබන සතියේ දී හමුවනවා.
නොවැම්බර් 15 වනදා මෙම රාජ්‍ය නායකයින් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජෝ බයිඩ්නගේ නිල කාලය තුලදී චීන ජනාධිපතිවරයා හමුවන දෙවන අවස්ථාව මෙයයි.
ඊශ්‍රායල හමාස් යුද්ධය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම වසරේ මුල් කාලයේ දී දෙරට අතර සබඳතා පිරිහී ගියා.
චීනය ඔත්තු බලන බැලුනයක් යොමු කළ බවට ඇමෙරිකාව චෝදනා කළා.
ඇමෙරිකානු යුද ගවන් යානයක් කැරොලිනා වෙරළට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශයේ දී එමබැලුනයට වෙඩි තබා තිබුණා.