ඇමරිකානු ජනාධිපති Jo Biden මහතාගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ඇමරිකානු සංචාරයකට එක්ව ද්විපාර්ශ්වික නායක හමුවක් පැවැත්වීමට නියමිතයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද මේ බව නිවේදනය කර තිබෙනවා.
මීට සමගාමීව, ෂී ජින් පිං මහතා APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද සහභාගී වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළා.