විරාත් කෝලිගේ ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 5903ක්.
ඔහුගේ මේ මූල්‍ය වටිනාකම දැනට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉහළම අගය වනවා.
කෝලි ව්‍යාපාර සන්නාම 18කට අධික ප්‍රමාණයක පෙනී සිටින අතර, එක් වෙළෙඳ දැන්වීමක් රූගත කිරීම් සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 8 සිට 10 දක්වා ගාස්තුවක් අය කරන බවයි පැවසෙන්නේ.
ඔහු ටෙස්ට් තරගයක් සඳහා තරග ගාස්තුව ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 15ක් අය කරන අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ IPL ගිවිසුමෙන් කෝලි වාර්ෂිකව රුපියල් කෝටි 15ක් උපයනවා.
ව්‍යාපාර ආයතන 7ක් සඳහා මුදල් ආයෝජනය කර ඇති කෝලි ඔහුගේ නමින් සුපිරි පන්නයේ නිවාස දෙකක්ද තිබෙනවා.