කලාකරුවන් 120කට සාම විනිසුරු පත්වීම්
Related Articles
කලා ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ කලාකරුවන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් ප්‍රධානය කිරීම අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව කලාකරුවන් සදහා සාම විනිසුරු පදවි පිරීනැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දේශීය කලාවේ උන්තිය වෙනුවෙන් සිය කුසලතා හැකියාවන් සහ නිර්මාණ දායකත්වය දැක්වු කලාකරුවන් 120 දෙනෙකු සඳහා පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් ප්‍රදානය කෙරුණා.
සිනමාව, වේදිකාව, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගීත ගායනය, ගීත රචනය ආදී කලා ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ කලාකරුවන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීම සිදු විය.