ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවන වරත් සංවිධාන කළ 2023 ඊගල් හැන්ඩ් බෝල් තරඟාවලිය ඊයේ නිමාවට පත්වුණා.
මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථාන ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති තරඟාවලිය පුරා දින 4ක් පැවැත්වුණා.
ඊට කාන්තා කණ්ඩායම් 5 ක් සහ පිරිමි කණ්ඩායම් 11 ක් තරඟ වැදුණා.
විවෘත තරඟාවලියක් ලෙසයි මෙය පැවැත්වුණේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැන්ඩ් බෝල් සංගමයේ සභාපති එයාර් කොමදෝරු රංජිත් ජයසිංහ සහ ලේකම් වින් කර්මාන්ඩ් වියංග හර්ෂණ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙනුයි එය සංවිධාන කර තිබුණේ.
හැන්ඩ් බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධාන කළ බවයි සංවිධායක මණ්ඩලය සඳහන් කළේ.
අවසන් තරඟයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමයි.
එහිදි ශුරතාවය නාවික හමුදාව දිනා ගත්තා.
ඒ ගෝල 33ට 34ක් ලෙසින්.
කාන්තා කණ්ඩායම් ලෙස අවසන් වටයට තරඟ වැදුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම්.
එහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි කුසලානය හිමි කර ගත්තේ.
ඔවුන් ගෝල 34ක් ලබා ගනිද්දි යුද හමුදා කණ්ඩායම ගෝල 14ක් දිනා ගත්තා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙනුයි කුසලාන ප්‍රධාන සිදු කෙරුණේ.