fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2024 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 16:23

2024 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් අද රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී 2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත්
කෙටුම්පත පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම අනුමතිය හිමි විය.

මේ අනුව 2024 වසර සදහා වන පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් පෙර වසරවලට සාපේක්ෂව සංසන්දනාත්මකව විශ්ලේශනය කිරීම සිදුවූ අතර ඇතැම් කරුණුවලට අදාළ වැඩිදුර දත්ත ලබන 13 වැනිදාට පෙර කමිටුවට ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියේය.

වාර්ෂික අයවැය යෝජනාවලින් විශාල ප්‍රමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටලුවක් බවද කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අනුව ඉතිහාසයේ සෑම ආණ්ඩුවක් යටතේම අයවැය යෝජනා ඉදිරිපත් කළද අවසානයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ සුළු ප්‍රමාණයක් බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙය නරක පූර්වාදර්ශයක් බැවින් මෙම තත්ත්වය වළක්වා ගනිමින් අයවැය පසුවිපරමක් සිදුකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

මේ අනුව රජයේ මුදල් කාරක සභාව මගින් ද ඉදිරි අයවැයට අදාළව මෙම පසුවිපරම සිදුකළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව පසුගිය අයවැයෙන් පසුව කොපමණ යෝජනා ප්‍රමාණයක් ඉටුකර ඇත්ද යන කාරණයට අදාළ සවිස්තරාත්මක වාර්තාවක් ලබන සදුදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේය.

තවද විසර්ජන පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තියට අනුව ‘සංවර්ධන කටයුතු’ යන වැඩසටහනකට වෙන් කරන ලද මුදල් වෙනත් ශීර්ෂයක් යටතේ වෙනත් වැඩසටහනකට මාරු කිරීම පිළිබදවද අවධානය යොමු විය.

මේ අනුව 2016 වසරේ සිට මෙලෙස ලබා ගෙන ඇති අරමුදල් පිළිබද දත්ත වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් නි‍යෝග කළේය.

වාර්ෂික අයවැය පරතරය 5% කට අඩු අගයක පවත්වා ගතයුතු බවට මුදල් නීති රෙගුලාසිවල නෛතික ප්‍රතිපාදන තිබුණද එය ප්‍රායෝගික ක්‍රියාත්මක නොවීම පිළිබදවත් අවධානය යොමු විය.

මේ අනුව නෛතික තත්ත්වයන්ට යටත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කමිටුව විසින් අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, පාඨලී චම්පික රණවක,  දුමින්ද දිසානායක,  නිමල් ලාන්සා,  එම්.ඒ සුමන්තිරන්,  මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා,  සහන් ප්‍රදීප් විතාන,  මධුර විතානගේ සහ  මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 16:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්