fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 15:15

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925ක් මෙලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්