නිව්යෝර්ක් ශල්‍ය වෛද්‍යවරුන් ලොව ප්‍රථම සම්පූර්ණ අක්ෂි බද්ධ සැත්කම සිදු කරයි
Related Articles
ලොව ප්‍රථම සම්පුර්ණ අක්ෂි බද්ධ සැත්කම නිව්යෝර්ක් හි ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් සිදුකර තිබෙනවා.
මෙම ශල්‍ය කර්මය සාර්ථක වී නැවත පෙනීම ලැබුනහොත් එම ජයග්‍රහණය ලොව පුරා ඇස් නොපෙනෙන මිලියන සංඛ්‍යාත ජනතාවකට පෙනීම ලබාදීමේ තීරණාත්මක අවස්ථාවක් වනුඇති බවයි වෛද‍්‍යවරුන් පවසන්නේ.
අධි බලැති විදුලි අනතුරකින් දිවි ගලවාගත් ආරොන් ජේම්ස් නැමැති 46 හැවිරිදි පුද්ගලයෙකුට මෙම සැත්කම සිදුකර තිබෙනවා.
විදුලි අනතුරෙන් මුහුණෙන් අඩක් අහිමිව සිටි ඔහුට අක්ෂි බද්ධයට අමතරව දුර්ලබ අර්ධ මුහුණු බද්ධ කිරීමක් ද සිදුකෙරුණා.
ඒ සදහා එරට සෞඛ්‍ය වෘත්තිකයන් 140 කට වැඩි පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.
මුහුණක් සහිත පළමු සාර්ථක සම්පුර්ණ අක්ෂි බද්ධ කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණයක් වනුඇති බවයි සැත්කම සිදුකළ වෛද්‍යවරුන් පවසන්නේ.