fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසරේ දී ටැම්පිට විහාර සහ සෙල්ලිපි සංරක්ෂණයට විශේෂ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 11:10

ලබන වසරේ දී ටැම්පිට විහාර සහ සෙල්ලිපි සංරක්ෂණයට විශේෂ වැඩපිළිවෙලක්

ලබන වසරේ දී ටැම්පිට විහාර පමණක් නොව, විනාශ වෙමින් යන සෙල්ලිපි විශේෂ වැඩපිළිවෙලක් මඟින් සංරක්ෂණය කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක වන බව බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පවසනවා.

ටැම් පිට විහාර ප්‍රතිසංස්කරණ කටයුතු අඩාල වී ඇති බවත් ඒ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ විශාල මුදලක් ස්ථාවර තැම්පතු යටතේ පැවතුණ බවත්, එම මුදල් 2019 වසරේ නැති වූ බව අමාත්‍යවරයා පැවසීය.

එම මුදල් තිබුණා නම් මේ තත්ත්වය උදා නොවන බවද කී අමාත්‍යවරයා, ලබන වසරේ දී ටැම්පිට විහාර හා සෙල්ලිපි සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් අරඹන බව කීය.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්