ට්‍රේරලයක සිරවී සිටි සංක්‍රමණිකයන් 123 දෙනෙකු මෙක්සිකෝ බලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
ඒ අතර ළමයින් 34 දෙනෙකු සිටින බවයි මෙක්සිකෝ ආගමන ඒජන්සිය පවසන්නේ.
මෙම සංක්‍රමණිකයන් වැඩිපිරිස ග්වාත මාලාව, නිකරගුවාව සහ හොඩුරාස් යන රටවලින් පැමිණි අය බවයි මෙක්සිකෝ වාර්තා සදහන් කරන්නේ.
එල්සැල්වදෝරය, ඉක්වදෝරය සහ කියුබාවෙන් පැමිණි පිරිස් ද ඒ අතර වනවා. මෙම සංක්‍රමණිකයන් මෙක්සිකෝව හරහා එක්සත් ජනපදයට ඇතුලුවීමේ අදහසින් පැමිණි අය බව හෙළිව තිබෙනවා.
අගුලු දැමු ට්‍රේලර් පෙට්ටියකින් කෑ ගැසීම් හඩ ඇසුනු බවට පුද්ගලයෙකු කළ දැනුම්දීමකට අනුවයි මෙම පිරිස සොයා ගෙන තිබෙන්නේ. ඔවුන් වෛද්‍ය ආධාර සහ ආාහර ලබාදෙන බව මෙක්සිකෝ බලධාරීන් පවසනවා.