කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමට පිටාර මට්ටමට
Related Articles
ඊයේ (09) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමට පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (09) දින මිලිමිටර් 56 ක වර්ෂාපතනයක් සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 37 වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ඒ අනුව කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 06 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 03 දක්වා ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න විම නිසා කැනියොන් , ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
පවතින අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතින අතර, පවතින වර්ෂාවත් සමග කැළණි ගගේ ජල මට්ටමට ඉහල ගොස් ඇති බවයි
ඉංජිනේරුවරයා කියා සිටියේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ග හරහා දැඩි ජල ධාරිතාවක් ගලා යාම නිසා රථ වාහන ගමනා ගමනයට
බාධා පැමිණ ඇත.