මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (09) වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජා- ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ඉන් අනතුරුව අමාත්‍යවරයා ප්‍රදර්ශනය පැවැත්වෙන ජා ඇළ නගර සභා ක්‍රීඩාංගණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පඬිකෝරාළ මහතා, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කඳාන, ජා-ඇළ හා රාගම පොලිස් ස්ථාන ස්ථානාධිපතිවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.