ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය වීම පිටුපස , එක්තරා කණ්ඩායමක් සිටි බවත් , ඔවුන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම පරාජය අත් වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද (10) දින අලුයම ප්‍රකාශ කළා
ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරන බවත් , මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා..
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනෙකු ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා
ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථ වලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණු බවයි වාර්තා වුණේ.