fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටිපර් රථ දෙකක් ගැටෙයි – හතර දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 08:52

ටිපර් රථ දෙකක් ගැටෙයි – හතර දෙනෙකුට තුවාල

කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ රොටවැව හංදියේ දී සිදු වු මාරක රිය අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මනම්පිටිය සිට කොළඹ දෙසට වැලි ප්‍රවාහන කරමින් තිබු ටිපර් රථයක් සහ හබරන සිට පොලොන්නරුව දෙසට ධාවන කෙරෙමින් තිබු ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

තුවාලකරුවන් හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසු වු තුන් දෙනෙකු පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම ස්ථානයේ ටිපර් රථ අනතුර සිදුවීමට පැය කිහිපයකට පෙර කැබ් රථයක් ද අනතුරට ලක්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 08:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්